Saturday, September 21, 2024

General line - 0115112241

මුහුදු සේද මාවතේ මුතු ඇටය ශී‍්‍ර ලංකාවයි - චීන ජනපති




වරාය කේන්‍ද්‍ර කර ගත් වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා ශී‍්‍ර ලංකාවට තම උපරිම සහාය ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පිං පවසනවා.

මුහුදු සේද මාවතේ මුතු ඇටය වූ ශී‍්‍ර ලංකාව වරාය නාවික ගමනා ගමන කටයුතු සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

චිනයේ බීජිං නුවර පැවැත්වෙන ‘‘එක් තීරයක් - එක් මාවතක් ’’ සමුළුවේ වටමේස සාකච්ඡාව අතරතුරදී චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම සමුළුවේදී සෑම රටක්ම කරුණු 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

ලෝකයේ විවිධ රටවල ආරක්‍ෂිතව ඇති අතීත මුහුදු සේද මාර්ගයට සම්බන්ධ පුරාවස්තු පිළිබද ඩිජිටල් එකතුවක් සම්පාදනය කිරීම ඉන් ප‍්‍රධාන වනවා. බෞද්ධ සංස්කෘතික සබඳතා තහවුරු කිරිම සහ පුරවැසියන් බල ගැන්වීමේදී කාන්තා සහ තරුණ කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කිරීමද වැදගත් වන බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

‘‘ එක් තීරයක් - එක් මාවතක් ’’ සංකල්පයෙහි කිසිදු සැගවුණු දේශපාලන න්‍යාය පත‍්‍ර නොමැති බව චින ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා. මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 124 ක් වෙන් කර ඇති බවයි ඔහු අවධාරණය කළේ.