Saturday, September 21, 2024

General line - 0115112241

අගමැති නැතිව කැබිනට් මණ්ඩලය රැස් කරන්න ජනපති තීරණය කරයි




සතිපතා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (16) දිනයේදීද සුපුරුදු පරිදි පැවැත්වීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වන ලෙස සියලු අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව ඇති බැවින් අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වෙන බව මීට පෙර ප‍්‍රකාශ වුණා.