Saturday, September 21, 2024

General line - 0115112241

මුස්ලිම් පූජකයෙකුගේ වෙස් ගෙන උල් කතුරක් අරන් මෝදි හිටපු සමුළුවට ආපු සැකකරු




එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව පැවැත්වුණු ඉකුත් 12 වැනිදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැමිණ සිටි අවස්ථාවේ ඊට කතුරක් රැගෙන පුද්ගලයෙකු ඇතුලුවීමට උත්සහ කර තිබෙනවා.

මුස්ලිම් පුද්ගලයෙකු වන මොහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මුහුණ පුරා රැවුල වවාගත් මොහු මුස්ලිම්වරුන් අඳින දිග ඇඳුමකින් සැරසී මුස්ලිම් පූජකයෙකු ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ඇතුලුවීමට උත්සහ ගනිද්දී ඇමති ආරක්ෂක නිලධාරීන් විසින් සැක සිතා සිය භාරයට ගෙන කුරුඳුවත්ත පොලිසියට භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පැමිණ සිටි රැස්වීමට ඇතුලුවීමට පැමිණ ඇත්තේ චීන නියෝජිතයෙකුගේ ඇතුල්වීමේ ප්‍රවේශපත්‍රයක්ද රැගෙන බවත් වැඩි දුරටත් අනාවරණය වී තිබෙනවා.

පසුව පොලිසිය මගින් මොහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා අංගොඩ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයාගේ දියණිය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර තවත් කාන්තාවක් ද එදිනම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට අනවසරයෙන් ඇතුලුවීමට උත්සහ ගෙන තිබෙනවා.