Saturday, September 21, 2024

General line - 0115112241

වතුකරේ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දී අාචාර කරන්න කියලා (VIDEO)




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරයේදී වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ද මුණ ගැසුනා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැටන් - දික්ඔය ප්‍රදේශයේ ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඉදිකළ රෝහල විවෘත කිරීම සඳහා එහිදී එක්වී සිටියා.

ඊට සමගාමීව ඔහු වතුකරේ දෙමළ ජනතාව ඇමතීමට කටයුතු කළා. 

කෙසේවෙතත් මෙම රැස්වීමට විශාල වශයෙන් පැමිණි සිටි දෙමළ ජනතාවට ඉන්දීය ධඡය ලබා දී තිබූ ආකාරය දැකගන්නට ලැබුණා.

ප්‍රදේශයේ දෙමළ දේශපාලනඥයෙකු විසින් මෙම ඉන්දීය ධඡය වතුකරයේ ජනතාව වෙත ලබා දී තිබුණේ ඉන්දියාවට ආචාර කරන්න යැයි පවසමින් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.