Saturday, September 21, 2024

General line - 0115112241

උතුරු මැද රංජිත්ගේ හිඩැස පිරවේ




උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පළාත් ප‍්‍රවාහන, කී‍්‍රඩා, යෞවන කටයුතු සහ වෙළද අමාත්‍යවරයා ලෙසයි මෙලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දී ඇත්තේ.

ඊට අමතරව ඔහු ආහාර හා කර්මාන්ත සංවර්ධන පළාත් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් සුසිල් ගුණරත්න මන්තී‍්‍රවරයා මීට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම සමග කටයුතු කළ අයෙක්. එහෙත් ඔහු වත්මන් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමග මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.