Saturday, September 21, 2024

General line - 0115112241

ද්විත්ව පුරවැසිභාවය ලැබූ තවත් මැති ඇමතිවරු 08 ක් ගැන සෙවිල්ලෙන් - 06 ක් TNA




පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් අට දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය පවතින බවට නිල නොවන වශයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මන්තී‍්‍රවරයා සඳහන් කලේ ඒ අනුව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු 06 දෙනෙක්, ආණ්ඩුවේ ඇමති ධූරයක් දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙක් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් ඇතුලු 08 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි. 

ආගමන විගමන පාලකවරයාගෙන් ඒ පිළිබඳව තමා විමසා සිටි බවත් අදාළ නිවරැදි තොරතුරු ලැබුණු විගස රටට හෙළි කරන්නට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සඳහන් කළේ " පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගේ නම් අපි ආගමන විගමන පාලකවරයා වෙත යැව්වා. අපි ඉල්ලුවේ ඒ අයගෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රිවරු කවුරුන්ද කියා කියන ලෙසයි. අදට දින 09 ක් වෙනවා. එතුමට තොරතුරු දැනගැනීමේ පනත අනුව දින 30 ක කාලයක් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත අනුව එහි 39 වැනි වගන්තිය යටතේ තොරතුරු ලබාදීම පැහැර හැරීම හෝ වැරදි තොරතුරු ලබාදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අපි එතුමට ඒ ලිපියෙන් සිහිපත් කළා." යනුවෙනි.