Saturday, September 21, 2024

General line - 0115112241

මහාපරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙක් නිසා සහල් මිල ඉගිලෙයි




මහාපරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු නිසා වෙළදපොලේ සහල් මිල පාලන මිලද ඉක්මවා යමින් ඇතැයි සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගාමිණි කුමාරසිංහ පෙන්වා දෙන්නේ "මේකට ප්‍රධානම වරද කරන්නේ මහාපරිමාන වී මෝල් 05ක් 06 ක් වගේ සංඛ්‍යාවක්. ඒ අය ළඟ තාම තියෙනවා 2015 සහ 2016 මාස් කන්නයේ වගා කළ වී. 2016 වී සම්පූර්ණයෙන්ම එයාලගේ ගබඩාවල තියෙනවා. 2017 පසුගිය කන්නවල වී ත් තියෙන්නේ එයාලා ගාවයි. මේ කණ්ඩායම කරන්නේ ඔවුන්ගේ ගබඩාවල වී මහාපරිමාණයෙන් ගබඩා කරගෙන සාමාන්‍ය වෙළඳපොලේ වී මිළ කෘතිමව වැඩි කිරීම." යනුවෙනි.

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළද සැල් වටලනවා වෙනුවට මහා පරිමාණ වී මෝල වැටලීම කඩිනමින් සිදුකළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ හරහා පාලන මිල යටතේ සහල් අළෙවි කළ හැකි බවද සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සභාපතිවරයා සඳහන් කළා.