Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව GSP+ සටන දිනයි - සිකුරාදා සිට සහන ලැබෙයි




ශී‍්‍ර ලංකාවට යළි ලබාදුන් ජී එස් පී ප්ලස් බදු සහනය ලබන 19 වැනි සිකුරාදා සිට කි‍්‍රයාත්මක බව යුරෝපා කොමිසම පවසනවා.

යුරෝපා සංගම් මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කෙරුණා. 

ජී එස් පී ප්ලස් බදු සහනය ශී‍්‍ර ලංකාවට ලබාදීමට යුරෝපා වෙළද සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව ඉකුත්දා තීරණය කළා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉකුත්දා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ශී‍්‍ර ලංකාවට ජී එස් පී ප්ලස් බදු සහනය ලබාදීම සදහා සිදුවන කි‍්‍රයාදාමයේ අවසාන අදියර මෙය වන බවයි.

යුරෝපා කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුවද මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණා.