Monday, May 6, 2024

General line - 0115112241

දින 05 කට පසු ඉන්දීය ගුවන් යානය දළදා ආශිර්වාද ගෙන පිටව යයි




ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්‍ෂාව සඳහා පැමිණ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් දින 5 ක් මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේ නවතා තිබූ ඉන්දීය හෙලිකොප්ටර් යානය අද (16) උදෑසන ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගියා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් පැමිණ ඉකුත් දින කිහිපයේදී මෙම යානය අලුත්වැඩියා කළ බවයි.

ඔවුන් ඉකුත් සදුදා ශී‍්‍ර දළදා මාළිගාවට ගොස් විශේෂ පූජාවක් පවත්වා දළඳා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගෙන ඇති බවද වාර්තා වුණා.