Monday, April 29, 2024

General line - 0115112241

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදයි




ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදට යෙදි තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ එකසිය පනස් දෙවන සංවත්සරය සමරන්නේද අද දිනයේයි. 

‘‘සමූහ දත්තයන් මගින් ලැබෙන විපුල බලපෑම්‘‘ යන්න මෙවර එහි තේමාව වනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී සමූහ දත්ත යොදා ගැනීම ප‍්‍රයෝජනවත් වන බවයි. 

විශාල දත්ත සංචිත යන්න මෑත කාලයේ අවධානයට ලක්වූ ප‍්‍රබල මාතෘකාවක් වන අතර තොරතුරු ස්වල්පයකින් සිදු වන බලපැමට වඩා වැඩි බලපෑමක් බිලියන ගණනක දත්ත ප‍්‍රමාණයකින් සිදු විය හැකි බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.