Wednesday, May 8, 2024

General line - 0115112241

ICTA ආයතනය ව්‍යවසායකයන් වෙනුවෙන් පවත්වන ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය (PHOTOS)




ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නව ව්‍යවසායකයන් සඳහාවන ප්‍රමුඛත ම උළෙලවන Disrupt Asia 2017 සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජුලි මස 12 වනදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කර තිබෙනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ICTA, පසුගිය වසරේදී Disrupt Asia සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී ලද සාර්ථකත්වය තුළින්, මේ වසරේදී ද ශ්‍රී ලාංකේය ව්‍යවසාය පද්ධතියේ වර්ධනය සහ ඉදිරි ගමන සඳහා සිය දායකත්වය ලබා දීමට අපේක්ෂා කරනවා.

විවිධ අංශ නියෝජනය කරන කීර්තිමත් දේශකයන්, උපදේශකයන්, ආයෝජකයන් මෙහිදී සිය අදහස් බෙදාහදා ගැනීමට නියමිත අතර, නවෝත්පාදන නව ව්‍යවසාය කිහිපයක් ද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු මෙහිදී ප්‍රදර්ශනය කරනවා.

ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නන් හට ව්‍යවසාය පද්ධතියේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, ජනමත නායකයන් සමග මෙන්ම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ජාලය සමග ද සම්බන්ධ වෙමින් සිය ව්‍යාපාරික ගමන්මගේ අනාගතය වඩාත් යහපත් කර ගැනීමට මෙම ප්‍රදර්ශනය මනා පිටිවහලක් වී තිබෙනවා.

නව ව්‍යවසායකයන් ප්‍රධාන පෙළේ සමාගම් සමග සම්බන්ධ කිරීම හරහා තරුණ පරපුරට අවශ්‍ය දැනුම ඔවුන් හට ලබා දීම ICTA ආයතනය මෙම ප්‍රදර්ශනය සමග සම්බන්ධ වීම තුළින් අපේක්ෂා කරන ප්‍රධානත ම ඉලක්කයයි.

"නව ව්‍යවසායකයන් සතු නවෝත්පාදන ශක්‍යතාව මෙන්ම, ඔවුන් විසින් උත්පාදනය කරනු ලබන නව රැකියා අවස්ථා සහ ව්‍යාපාරික වටපිටාවට ඔවුන් එක් කරන තරගකාරීත්වය හේතුවෙන් ඔවුන් ඕනෑම රටක ආර්ථික වර්ධනය සඳහා අතිශය වැදගත් වේ. එහෙත් ඒ සඳහා වඩාත් සවිමත් සහ ස්ථාවර ව්‍යවසාය සහයෝගී පද්ධතියක් ගොඩනැගිය යුතු බවයි.

එම ඉලක්කය ජය ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ ව්‍යවසායකයන්, ආයෝජකයන්, උපදේශකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මාධ්‍ය සගයන් යන සියලු ම පාර්ශව එකම වේදිකාවක් මතට ගෙන ඒම Disrupt Asia සම්මන්ත්‍රණයේ සහ ප්‍රදර්ශනයේ විශේෂත්වයයි.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන එවැනි ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA), මෙරට නව ව්‍යවසායකයන් සඳහාවන ප්‍රමුඛත ම උළෙලවන Disrupt Asia 2017 සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය එළඹෙන ජුලි මස 12 වනදා හිල්ටන් හෝටලයේදී ආරම්භ කෙරෙන බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කර තිබෙනවා.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධානත ම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ICTA, පසුගිය වසරේදී Disrupt Asia සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේදී ලද සාර්ථකත්වය තුළින්, මේ වසරේදී ද ශ්‍රී ලාංකේය ව්‍යවසාය පද්ධතියේ වර්ධනය සහ ඉදිරි ගමන සඳහා සිය දායකත්වය ලබා දීමට අපේක්ෂා කරනවා.

විවිධ අංශ නියෝජනය කරන කීර්තිමත් දේශකයන්, උපදේශකයන්, ආයෝජකයන් මෙහිදී සිය අදහස් බෙදාහදා ගැනීමට නියමිත අතර, නවෝත්පාදන නව ව්‍යවසාය කිහිපයක් ද සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු මෙහිදී ප්‍රදර්ශනය කරනවා.

ප්‍රදර්ශනය සඳහා සහභාගී වන්නන් හට ව්‍යවසාය පද්ධතියේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන්, ජනමත නායකයන් සමග මෙන්ම ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ජාලය සමග ද සම්බන්ධ වෙමින් සිය ව්‍යාපාරික ගමන්මගේ අනාගතය වඩාත් යහපත් කර ගැනීමට මෙම ප්‍රදර්ශනය මනා පිටිවහලක් වී තිබෙනවා.

නව ව්‍යවසායකයන් ප්‍රධාන පෙළේ සමාගම් සමග සම්බන්ධ කිරීම හරහා තරුණ පරපුරට අවශ්‍ය දැනුම ඔවුන් හට ලබා දීම ICTA ආයතනය මෙම ප්‍රදර්ශනය සමග සම්බන්ධ වීම තුළින් අපේක්ෂා කරන ප්‍රධානත ම ඉලක්කයයි.

"නව ව්‍යවසායකයන් සතු නවෝත්පාදන ශක්‍යතාව මෙන්ම, ඔවුන් විසින් උත්පාදනය කරනු ලබන නව රැකියා අවස්ථා සහ ව්‍යාපාරික වටපිටාවට ඔවුන් එක් කරන තරගකාරීත්වය හේතුවෙන් ඔවුන් ඕනෑම රටක ආර්ථික වර්ධනය සඳහා අතිශය වැදගත් වේ.

එහෙත් ඒ සඳහා වඩාත් සවිමත් සහ ස්ථාවර ව්‍යවසාය සහයෝගී පද්ධතියක් ගොඩනැගිය යුතුය. එම ඉලක්කය ජය ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ ව්‍යවසායකයන්, ආයෝජකයන්, උපදේශකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මාධ්‍ය සගයන් යන සියලු ම පාර්ශව එකම වේදිකාවක් මතට ගෙන ඒම Disrupt Asia සම්මන්ත්‍රණයේ සහ ප්‍රදර්ශනයේ විශේෂත්වයයි.