Monday, April 29, 2024

General line - 0115112241

GSP + නිසා ඇඟලුම් ආදායම බිලියන 8.5 දක්වා වැඩිවීමක්




ජී එස් පී ප්ලස් බදු සහනය ලබා ගැනීම සදහා යුරෝපා කොමිසමට එකග වූ කොන්දේසි හෙළි කරන්නැයි ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී  එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට හෙට සිට හිමි වන ජී එස් පී ප්ලස් බදු සහනය පිළිබදව එක්සත් ජාතික පක්ෂය අද කැදවූ මාධ්‍ය හමුවකදීද අදහස් පලවීය

එහිදී කරුණු දැක්වූ අමාත්‍ය දයා ගමගේ සඳහන් කළේ ජී එස් පී බදු සහනය සමග ඇඟලුම් වලට විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි.

බංගලාදේශය සඳහා ගිය ආයෝජකයන් බොහෝ දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු පැවසීය.

එමෙන්ම අපනයන ආදයමෙන් 43%ක් ඇඟලුම් වලින් හිමිවන බවත්, ඇඟලුම් වලින් එන ආදායම බිලියන 8. 5 දක්වා වැඩි කල හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.