Saturday, September 21, 2024

General line - 0115112241

අඹතලේ - තොටලග මාර්ගයේ කොටසක් ගිලා බැසීමෙන් රථ වාහන ධාවනයට බාධා




කොහිලවත්ත හංදිය ආසන්නයේ අඹතලේ - තොටලග මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැළණි ගඟ ආසන්න මාර්ගයේ කොටසක් මෙලෙස ගිලා බැස ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.