Saturday, September 21, 2024

General line - 0115112241

මඩකළපුවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 20 දෙනෙකු රෝහලේ (UPDATE)




මේ අතර, මඩකලපුව අරියම්පති ප‍්‍රදේශයේ මුත්තුඅම්මාරි කෝවිලේ ඉදිකරමින් තිබු කොටසක් අද (20) පස්වරුවේ කඩා වැටුණා. 

අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කෝවිල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙලෙස තුවාල ලැබා තිබෙනවා. 

තුවාල ලැබූ 12 දෙනෙකු අරියම්පති රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර 08 දෙනෙකු මඩකලපුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මඩකළපුවේ ගොඩනැගිල්ලක්  කඩා වැටීමෙන් 18 දෙනෙකු රෝහලේ (20-05-2017 17.50)

මඩකළපුව ආරියම්පති ප්‍රදේශයේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. 

ගොඩනැගිල්ලේ ඉදි කිරීම්වල නිරතව සිටි පිරිසක් අනතුරින් තුවාල ලබා තිබෙනවා. 

ඔවුන්ගෙන් පිරිසක් මේ වන විට ආරියම්පති රෝහලේ ප්‍රතිකාර ලබන අතර හය දෙනෙකු මඩකලපුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. 

අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.