Saturday, September 21, 2024

General line - 0115112241

අගමැති රනිල්ගෙන් උතුරට පොරොන්දුවක්




උතුරු පළාතේ ආර්ථික සහ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා උතුරු පළාතේද සහයෝගය අත්‍යවශ්‍ය බවයි. 

ඉන්දියාවේ කළ සංචාරයේදී උතුරු පළාතේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් සිදු කරන බව තමන් සඳහන් කළ බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී  කියා සිටියා. 

ඉන්දීය මහා මාර්ග අමාත්‍යවරයා සමග උතුරු පළාත හරහා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයක් පිළිබඳවද සාකච්ඡා කළ බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

යළි පදිංචි කිරීම් වෙනුවෙන් උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතියක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී තිබෙනවා. 

මෙම සාකච්ඡාවට එක් වෙමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සඳහන් කළේ හුදෙකලා වූ උතුරේ ජනතාවට ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට දැන් අවස්ථාවක් උදා වී ඇති බවයි. 

තාක්ෂණය සහ දැනුම තුළින් උතුරේ සංවර්ධනය වේගවත්  කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. 

උතුරේ කර්මාන්ත සංවර්ධනයේදී ස්වදේශිකයන්ට මුල් තැන හිමිවිය යුතු බවයි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සඳහන් කර ඇත්තේ.