Saturday, July 27, 2024

General line - 0115112241

අමෙරිකාව සහ සෞදි අරාබිය අතර බිලියන ගණනක වෙළඳ ගිවිසුමක්




අමෙරිකාව සහ සෞදි අරාබිය අතර ඩොලර් මිලියන ගණනක ගිවිසුමකට එළඹෙන සෙනසුරාදා අත්සන් තැබෙනවා. 

ඊට අත්සන් තබන්නේ සෞදි අරාබිය බලා පිටත්ව ගිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ සෞදි අරාබි ජනාධිපති සලමන් රජුයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ වන මෙලානියා ට‍්‍රම්ප් දින 08ක කාලයක් සෞදි අරාබියේ රැඳී සිටිනු ඇති. 

හෙට දිනයේදී රියාද් අගනුවර පැවැත්වීමට නියමිත සමුළුවකදී 40කට අධික මුස්ලිම් ජාතික රාජ්‍ය නායකයින් ඇමතීමටද ඩොනල්ඞ් ට‍්‍රම්ප් සූදානම් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය ප‍්‍රථම නිළ සංචාරය සඳහා සෞදි අරාබිය තෝරා ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.