Saturday, April 27, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනය ජවිපෙ දකින හැටි




අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අදහස් පළ කළා.

එහිදී ඔහු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ අරමුණ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ සැබෑ අරමුණ වී ඇත්තේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට විසදුම් ලබා දීම නොවන බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම, අමාත්‍ය ධූර ලබාදීම හරහා වසර 2020 දක්වාම ආණ්ඩුවේ රඳවා ගැනීම මෙහි අරමුණ වී තිබෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ.