හික්කඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලය අසළ ගොඩනැගිල්ලක් තුළ අද (23) පස්රුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ගොඩනැගිල්ල තුළට පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 සහ 34 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙක්.
---------------------------
හික්කඩුවේ වෙඩි තැබීමක්
(2017-05-23 17:03)
හික්කඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලය අසළදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා