අබිරහස් ලෙස මියගිය නුවරඑළිය මූලික රෝහලේ වෛද්‍යවරියකගේ මළ සිරුරක් ඇයගේ නිල නිවසේ තිබී අද (23) පස්වරුවේ සොයා ගැණුනා.
මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ සේවය කළ නිර්වින්දන අංශයේ වෛද්‍යවරියක්.
මෙම වෛද්‍යවරිය එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවාහ වී පසුව දික්කසාදවී සිටි බවයි අනාවරණ වී ඇත්තේ. ඇය විසින්ම විෂ එන්නතක් ශරීරගත කරගෙන සිය දිවි හානිකර ගත්තාදැයි පොලිසිය සැක පළ කරනවා.