Friday, September 20, 2024

General line - 0115112241

ගොවීන් කොළඹ වැටලීමට සැරසේ




සති දෙකක් ඇතුළත ගොවීන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකලහොත් කොළඹට පැමිණ විරෝධතාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. 

දඹුල්ලේ පැවති උද්ඝෝෂනයට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ ආණ්ඩුව දිගින් දිගටම ගොවීන්ට ලබා දෙන පොරොන්දු කඩ කරමින් සිටින බවයි. 

ගොවීන් මුලාවට පත් නොකර ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.