Friday, September 20, 2024

General line - 0115112241

බෝනොවන රෝග පාලනයට ජාත්‍යන්තර සහය අවශ්‍යයි - රාජිත කියයි




බෝනොවන රෝග පාලනය සඳහා ජාත්‍යන්තර සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

රෝගී භාවය , දුප්පත්වීම සඳහා බලපාන එක් ලක්ෂණයක් බවයි ඔහු සඳහන් කළේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලක් රජය නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාව මගින් ජනතාවට සහන රැසක් ලබා දී ඇති බවයි. 

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීම, ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, පිළිකා ඖෂධ මිළ අඩු කිරීම ඒ අතරින් ප‍්‍රධානයි. 

දුම්කොල සඳහා බදු වැඩි කළ එකම ආසියානු රට ශ‍්‍රී ලංකාව යැයි ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

ප‍්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම, සියයට 80 රූපමය අවවාද, දුම්කොළ සඳහා සියයට 90ක බදු පැනවීම, සුදු පැහැති සිගරට් පැකට්ටුවක් හදුන්වාදීම සහ දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදා ගැනීම ද ලක් රජය ගත් පියවර කිහිපයක්. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරය පසුගිය 22 වැනි දින ආරම්භ වූ අතර එය ලබන 31 වැනි දින දක්වා පැවැත්වෙනවා.