Tuesday, September 17, 2024

General line - 0115112241

සිය දියණිය අපහරණය කළ පියාට මහාධිකරණය දුන් තීන්දුව 




සිය දියණිය අපහරණය කළ පියෙකුට කොළඹ මහාධිකරණයෙන් අද (24) වසර 45ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කෙරුණා. 

ඔහු වරදකරු කෙරුණේ මීට වසර 10කට පෙර සිදුවූ සිද්ධියකටයි. 

සිය දියණියට ලක්ෂ 03ක වන්දියක් ගෙවන ලෙස ද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙහිදී නියෝග කළා. 

එම වන්දි මුදල ගෙවීමට නොහැකි වුවහොත් සිර දඬුවම් කාලය තවත් වසර 06කින් දීර්ග කිරීමට ද මෙහිදී නියෝග කෙරුණා.