Tuesday, September 17, 2024

General line - 0115112241

කෝටි 04ක හෙරොයින් සමග කොටුවූ පකිස්තානු යුවලට වෙන්න යන දේ




කටුනායක ගුවන් තොටුපලේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගැණුනු පාකිස්තානු ජාතික යුවලගෙන්  තවදුරටත් රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙනවා. 

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 04 යි ග‍්‍රෑම් 218ක් සොයා ගැණුනා. 

එහි වටිනාකම කෝටි හතරක්. රැඳවුම් නියෝග මත මොවුන්ගෙන් ලබන 30 වැනි දින දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ. 

මෙම හෙරොයින් තොගය පකිස්තානයේ සිට රැගෙනවිත් තිබෙනවා. 

ගමන් මළුවල ව්‍යාජ පතුලක් සවි කර මෙම හෙරොයින් තොගය ගෙනවිත් ඇති බවයි පොලිසිය පැවසුවේ.