Tuesday, September 17, 2024

General line - 0115112241

තැපැල් වර්ජනයක් ළඟ එනවලු




ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි කිහිපයක් සංචාරක හෝටල්  සඳහා ලබා දීමට එරෙහිව වර්ජනයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සූදානම් වනවා.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ නුවරඑළිය, මහනුවර, ගාල්ල කොටුව සහ කොළඹ යන ප‍්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබා දීමේ සූදානමක් පවතින බවයි. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්නගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි පවරාදීමේ කිසිදු කටයුත්තක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා සිදු නොවන බවයි.