Tuesday, September 17, 2024

General line - 0115112241

බිළිඳිය සමග ඇල්ලෙන් පහළට පැන්න මවගේ සිරුරත් හමුවෙයි (PHOTOS)




ලක්ෂපාන දිය ඇල්ලෙන් පහලට පැන දිවි හානි කරගත් මවගේ මළ සිරුර ද මේ වන විට සොයාගෙන තිබෙනවා.

අද උදෑසන සිදු කළ මෙහෙයුම්වලදී ප්‍රථමයෙන් බිළිඳියගේ සිරුර සොයා ගැනුණා.

නෝට්න්බි‍්‍රජ් පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව සිදු කළ මෙහෙයුමකදීයි මෙලෙස මවගේද සිරුර සොයා ගැනුණා.

නෝට්න්බි‍්‍රජ් වතුයායේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු මවක් මාස දෙකක් වයසැති සිය බිළිඳිය ද සමග දිය ඇල්ලෙන් පහලට පැන මෙලෙස දිවි හානිකර ගෙන තිබුණා. පශ්චාත් මරණ පරීක්ෂණ නාවලපිටිය මූලික රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (25) සිදු කිරීමට නියමිතයි. 
 






 

------------------------------

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි -  ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

(2017 05 25 10:03)

ලක්‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටින දෙදරු මවක් සොයා අද (25) නෝටන්බි‍්‍රජ් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා.

මෙම කාන්තාව ඇයගේ මාස දෙකක් වයසැති සිගිතිය සමග ඊයේ (24)  නෝටන්බි‍්‍රජ් කොත්තැල්ලෙන ප‍්‍රජා ශාලාවට රජය මගින් නොමිලේ ලබා දෙන ති‍්‍රපෝෂා ලබා ගැනිමට ගිය බවත් පසුව යළි නිවසට නොපැමිණි බව පවසමින් ඇයගේ ඥාතින් විිසින් නෝටන්බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ලක්‍ෂපාන දියඇල්ලට ඉහළින් වු ටෙබර්ටන් වතුයායේ පදිංචි අතුරුදහන්වී ඇති කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසන්නේ.

නෝටන්බි‍්‍රජ් පොලිසිය මගින් අතුරුදහන්ව ඇති දෙදරු මව සහ සිගිතිය සොයා ඊයේ (24) රාත්‍රියේ සිට මෙහෙයුම් සිදු කළ අතර එම මෙහෙයුමේදී ලක්‍ෂපාන දියඇල්ලට පිවිසෙන පියගැට පෙළ අසල තිබි ඇයගේ බවට සැක කෙරෙන ඇඳුමි කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

ලක්‍ෂපාන දියඇල්ලට පහළින් පොලිසිය හා ප‍්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි සිගිතියගේ සිරුර අද (25) පෙරවරුවේ ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය බෙදා හරින ආරක්‍ෂිත දැලක තිබි පසුව සොයා ගැනුණා.

එම සිගිතියගේ සිරුර ලක්‍ෂපාන ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර අතුරුදහන්ව සිටින දෙදරු මව සොයා ලක්‍ෂපාන දියඇල්ලට පහළින් කෙසෙල්ගමු ඔයේ පොලිසිය හා ප‍්‍රදේශවාසින් යලිත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.