පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කිසිදු හේතුවක් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව තනතුරෙන් පහ කිරීමට විරෝධය පළකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලීය කාර්ය මණ්ඩලය අද දහවල් 12.00 ට කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.
කැබිනට් තීරණයක් යැයි පවසමින් දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් වරයා මෙසේ තනතුරෙන් පහ කිරීම බරපතල සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි ඔවුන් පවසනවා.
මේ අතර තම සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍යවල තොරතුරු පළ වුවද මේ තාක් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නැතැයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසනවා. සේවය අත්හිටුවීමට අදාළ හේතුවක් පිළිබඳව තමන් නොදන්නා බවත්, එවැන්නක් සිදුවී ඇත් නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් තමන් දැනුවත් කෙරෙන බවයි ඔහු පවසන්නේ.
මෙම උද්ඝෝෂණයට සමගාමීව දිවයිනේ සියළුම ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇති අතර රාජ්‍ය සේවා නිලධාරීන් සම්බන්ධයෙන් යහපාලන රජය වගකීමකින් ක්‍රියා කරන බව පැවසෙන යුගයක කිසිදු හේතුවක් නොමැතිව අධ්යක්ෂ ජනරාල්වරයා තනතුරෙන් පහ කොට ඇති බැවින් ඔහු නැවත සේවයේ පිහිටුවිය යුතු බව දෙපාර්තමේන්තු සේවකයෝ පවසනවා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය මේ වෙත යොමුවියයුතු බවයි සේවකයින් පෙන්වා දෙන්නෙ.