මහවැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයක් ඇතිවී තිඛෙනවා. මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි
දිස්ත්‍රික්ක හතරකට මේ වනවිට නාය යාමේ, පස් කදු කඩා වැටීමේ සහ ගල් පෙරලීමේ අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිඛෙනවා.
ඒ පිළිබද කරුණු දැක්වූවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ආර් එම් එස් බණ්ඩාර.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගංගා කිහිපයක් මේ වනවිට පිටාර ගලමින් හෝ පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇති බවයි.
ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම යන ප්‍රදේශවලින් සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා.
නිල්වලා ගගේ ජල මට්ටම පස්වරු 4.00 විට මහ ගං වතුර මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කළු ගග ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගං වතුර මට්ටමට ආසන්න වෙමින් තිඛෙනවා.
මේ නිසා එම ගංගා ආශ්රිත පහත් බිම්වල ජනතාව නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතු බවයි නැවත සිහිපත් කෙරුණේ.
කාලතුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනූව අද රාත්‍රී සහ හෙට දිනයේ ද ප්‍රදේශ බොහෝමයකට වැසි අපේක්ෂා කෙරෙනවා.
මේ එහි අනාවැකිකරන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ අනූෂා වර්ණසූරිය.
රට වටා මුහුදු ප්‍රදේශවල තද සුලං ද ඇති විය හැකි බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
මේ අතර අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තොටගොඩ අත්තදස්සි විද්‍යාලයේ ගොඩනැගිල්ලකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම පාසල අද දින පෙරවරුවේ වසා දැමු බව විදුහල්පතිනී පද්මා පේදුරුආරච්චි මහත්මිය පැවසුවා. ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ හා ආපද කළමානාකරණ ඒකකයේ උපදෙස් පරිදි මෙම ක්‍රියා මාර්ග ගත් බවයි.