Monday, December 23, 2024

General line - 0115112241

ජාතික පුවත්පත් වල පොල්ගෙඩි අකුරෙන් අද පළවූ පුවතක් ගැන, ඇමති ගයන්ත කතා කරයි




ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබීමෙන් පසු යම් යම් ආයතන තමන් යටතට පවරන ලෙස තමන් ඉල්ලා සිටි බවට ඇතැම් මාධ්‍ය පල කර තිඛෙන වාර්තා සත්‍යයෙන් තොර බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසීය.

‘‘අද ජාතික පුවත්පත් වල පළමු පිටුවේ පොල්ගෙඩි අකුරෙන් තියනවා ඉඩම් ඇමති ආයතන තුනක් ඉල්ලයි කියලා‘‘ යැයි කියමින් අමාත්‍යවරයා මේ බව කීය.

තමන් කිසිදිනෙක කිසිවෙකුගෙන් කිසිම තනතුරක් ඉල්ලා නොමැති බවත් චිත්‍රපට සංස්ථාව පවරන ලෙස ඉල්ලා සිටිමට තරම් තමාට ඔලුවේ අමාරුවක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

අමාත්‍යංශවලට වාහන ලබා ගැනීම සදහා ඉකුත්දා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබදව ද පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇතිවිය.

එහිදී පැනයක් නගමින් පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විමසුවේ ඇමතිවරුන් එක් පරිපූරක ඇස්තමේනතුවක වාහන සඳහා මුදල වෙන් කළ විට ඒ වසරේදී වාහනයක් නොගත්තේ නම් ඊළඟ වසරේදීද ඇමතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ කෙසේද යනුවෙනි

එහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ වාහන ගෙන්වන්නේ අමාත්‍යංශ වල පරිහරණයට මිස ඇමතිවරුන්ගේ පරිහරණයට නොවන බවය.