Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවේ දෙදිරීම කැබිනට් සංශෝධනයෙන් නිරූපනය වුණා




ආණ්ඩුවේ පවතින දෙදිරීම මෑත දී කෙරුණු කැබිනට් සංශෝධනයෙන් නැවත නිරූපනය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසනවා. 

කැබිනට් සංශොධනයෙන් පසු අමාත්‍යංශ වෙනස් වූ අමාත්‍යවරුන් ඔවුන්ට අදාළ නොමැති ආයතන ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරුන් කෙතරම් සිටිය ද රට සංවර්ධනය කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි ද ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.