Tuesday, September 17, 2024

General line - 0115112241

වීරවංශ බිරිදගේ පාස්පෝර්ට් සහ අයි ඩී සොයන්න නීතිපති විමර්ශනයක් ඉල්ලයි




පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයේ බිරිද වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පත නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ තිබියදී අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිඛෙනවා. 

නීතිපතිවරයා වෙනුවෙන් අදිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම ඉල්ලීම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. 

කූට ලේඛණ ඉදිරිපත් කර අවිධිමත්ව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ චෝදනා ලබා සිටිනවා. 

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැදුනුම්පත අධිකරණය භාරයට ගැණුනේ ද ඒ අනූවයි. 

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරෙනවා.