Tuesday, September 17, 2024

General line - 0115112241

පිං කැටයටත් බදු ගහන ළග එන පනතක් ගැන ජනිපේ හෙළි කරයි




යෝජිත දේශීය ආදායම් පනතෙන් ශ්‍රී දළදා මාලිගාව භාරකාර අරමුදල ඇතුළු පුණ්‍යායතන අරමුදල්වලින් ද බදු අය කිරීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එම කෙටුම්පත ආණ්ඩුව වහා හකුළා ගත යුතු බවයි එහි නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

යෝජිත පනත සැකසීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තිකයින්, බදු උපදේශකයන්, මෙන්ම පෞද්ගලික අංශයේ කිසිදු දේශීය සම්පත්දායකයෙකු සම්බන්ධ කර ගෙන නොමැති බව ද ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර පවසනවා.