Tuesday, September 17, 2024

General line - 0115112241

ලංකාවේ වටිනාම ඖෂධ රක්ෂිතයත් අනතුරේ - මන්ත්‍රී අනුරගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්




ඌව පළාතේ ඉඩම් අක්කර දහස් ගණන් උක් වගා කිරීමට ලබාදීමේ සූදානමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.

ඒ එම ඉඩම් පැවරීම සම්බන්ධයෙන් පැවති කල් තැබීමේ විවාදයේදීයි.

විවාදය ආරම්භ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න අතර මෙවන් සංවාදයක් ඇතිවුණා. 

එහිදී මන්ත්‍රී අනුර කුමාර දිසානයක සඳහන් කළේ නිල්ගල රක්ෂිතයත් මාදුරුඔය රක්ෂිතයත් අතර මෙම ඉඩම් ප්‍රමාණය තිබෙන බවයි.නිල්ගල රක්ෂිතය යනු අප රටේ වටිනාම ඖෂධ රක්ෂිතය බවත්, මාදුරුඔය රක්ෂිතය විශාල ජලපෝෂක කලාපයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා. සම්පූර්ණ හඩපටය පහතින්