Tuesday, September 17, 2024

General line - 0115112241

කැළණි ගඟ දෙපස ජනතාවටත් අවධානයෙන් සිටින්නැයි උපදෙස්




ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව  පවසන්නේ. 

මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පවසනවා. 

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ජූනි මස 02 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇති විය හැකි බවයි.