Tuesday, September 17, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසක නායයාම් - ආපදාවලට ලක් වූ පිරිස් මුදා ගැනීමට හෙලිකොප්ටර් යානා පිටවේ 




පවතින අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක නාය යාම් සිදුව තිබෙනවා. 

මාතර, දෙණියාය,මෙරවක කන්ද ඊයේ රාත‍්‍රියේ නායයාමකට ලක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

බුලත්සිංහල ,බෝගහවත්තකන්ද සහ බදුරලිය බෙල්ලන මාවතවත්ත ඩෙල්කිට් වතුයායේ කන්දක් ද නාය ගොස් තිබෙනවා. 

මේ අතර ආපදාවලට ලක්ව සිටින පිරිස් මුදා ගැනීම ඇතුළු සහන සැලසීමේ මෙහෙයුම් සඳහා බෙල් - 212 සහ එම්.අයි - 17 හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ.