Friday, September 20, 2024

General line - 0115112241

වර්ෂාව හේතුවෙන් රථ වාහන තදබදයක් - රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන්න - පොලිසිය කියයි




පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශයන්හි මාර්ගවල මේ වනවිට රථ වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. 
වර්ෂාවත් සමග මාර්ග ජලයෙන් යටවීම මීට හේතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

අදාල ප‍්‍රදේශවල බොහෝ අතුරු මාර්ග ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා. 

මේ හේතුවෙන් රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.