Friday, September 20, 2024

General line - 0115112241

සපුගස්කන්ද - හෙයියන්තුඩුව නිවසක් මතට තාප්පයක් සමඟ පස් කන්දක් කඩාවැටිමෙන් දෙදෙනෙකු මරුට




සපුගස්කන්ද - හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

නිවස තුළ සිටි කාන්තාවන් දෙදෙනෙකු පස් කන්දට යටවී ඇති අතර රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
 
පොලීසිය සඳහන්කළේ අදාළ ප්‍රදේශයට ළඟාවීම සඳහා ගමන් කිරීමට නියමිතව තිබූ සියලුම මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.