Friday, September 20, 2024

General line - 0115112241

නායයෑමකට ලක්ව මියගිය කාන්තාවකගේ සිරුර මිහිදන් කළ අාකාරය ගැන ගම්වැසියන් කනස්සල්ලෙන් (VIDEO)




පාලින්ද නුවර, කොස්ගුලන කෙලින් කන්ද නාය යාමෙන් මිය ගිය 68 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අද (29) සොයා ගැණුනා.

දින කිහිපයකට පෙර සිදුවූ මෙම නාය යාමෙන් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගියා.

එහෙත් ඔවුන්ගේ දේහයන් සොයා ගැනීමට මේ දක්වා හැකි වී නැහැ.

අද දිනයේ සොයා ගැණුනු කාන්තාවගේ මළ සිරුර මිහිදන් කිරීම සඳහා දෙනක් පවා සොයා ගැනීමට නොහැකි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් දේහය රෙදි කඩකින් ඔතා භූමිදානය කිරීමට සිදු වුණා. ඊට ගම්වාසීන් පළ කළේ දැඩි කණගාටුවක්.

ගම්වාසීන් චෝදනා කළේ මෙම ස්ථානයට සහ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මේ වන විට කිසිඳු නිලධාරියෙකුගේ අධික්ෂණයක් සිදු නොවන බවයි.

 

(වීඩියෝව පහතින් දැක්වෙයි)