Friday, September 20, 2024

General line - 0115112241

අමෙරිකාව බ්‍රිතාන්‍ය ජපානය සහ ඉන්දියාව ලංකාවට සහාය වෙන්න එයි




ආපදා සහන සේවා වෙනුවෙන් ශ‍්‍රි ලංකාවට සහාය වීමට අමෙරිකාව, බි‍්‍රතාන්‍ය සහ ජපානය ද ඉදිරිපත්ව සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ අවශ්‍ය ජල පෙරණ සහ විදුලි ජනන යන්ත‍්‍ර කඩිනමින් ලබා දීමට ජපානය එකඟ වූ බවයි.

සහන සේවා සඳහා විශේෂ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට ද ජපානය කැමැත්ත පළ කර තිබෙනවා. 

සිදුව ඇති ආපදාවලින් විපතට පත් වූවන් සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරන බවයි ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් පැවසුවේ.    

ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉල්ලා සිටින  ඕනෑම සහයක් නොපමාව ලබා දීමට ද  කටයුතු කරන බව ඔහු පැවසුවා. 

අවශ්‍ය සහාය සුදුසු පරිදී ලබා දෙන බවයි ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩොරිස් ද කියා සිටියේ. 

මේ අතර, ආධාර රැගත් ඉන්දීය නෞකා 02ක් දැනටමත් ශ‍්‍රි ලංකාවට පැමිණ තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ද ආපදා සහන සේවා සඳහා එක්ව සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.