Friday, October 18, 2024

General line - 0115112241

ලකුණු 16කින් සංගක්කාරට ලෝක වාර්තාවක් මඟ හැරෙයි




ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ වාර්තාවක් සම කිරීමට තිබූ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට අද (30) ගිලිහී ගියා. 

ඒ පළමු පෙල තරගවලදී පිට පිට ශතක පහක් රැස්කර ගනිමින්. 

ඒ අනුව ඔහුට සිදු වුණේ පළමු පෙල තරගාවලියක පිට පිට ශතක පහක් රැස්කර ගත් ලෝකයේ ක‍්‍රීඩකයින් අතර සිව්වන ස්ථානයේ සම වීමටයි. 

එංගලන්තයේ පැවැත්වෙන පළමු පෙල තරගාවලියේ දී සංගක්කාර ශතක පහක් රැස්කර ගෙන සිටියා. 

ඔහුට අද එම අවස්ථාව අහිමි වී ගියේ ලකුණු 16කින් වීම විශේෂත්වයක්. 

සරේ කණ්ඩායමේ දෙවන ඉණිම වෙනුවෙන් අද ඔහු ලකුණු 84ක් රැස් කළ ද පළමු ඉණිමේ දී ද්විත්ව ශතකයක් රැස්කර ගත්තා.