Thursday, September 19, 2024

General line - 0115112241

ශෂිගේ නඩුවේ නැතිවුණා කියූ නඩු භාණ්ඩ තිබූ තැන හෙළිවෙයි




නඩු භාණ්ඩ ලෙස අධිකරණය භාරයේ පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත‍්‍රය සහ ජාතික හැදුනුම්පත අස්ථානගතව නොමැති බව අද (31) අනාවරණය වුණා.

ඒ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් සකසා ගෙන ඇති බවට එල්ලවී ඇති චෝදනා යටතේ ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අවස්ථාවේදියී.

එහි දී කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට වාර්තා කළ පරිදි අදාල නඩු භාණ්ඩ අස්ථානගතව නොමැති බවයි.

ඒවා අධිකරණයේ නඩු භාණ්ඩ භාරව කටයුතු කරන භාරකරුගේ භාරයේ තිබී හමුවූ බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.

ඒ අනූව අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී අවවාද කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජූනි මස 22 වැනිදාට කල් තැබුණා.