Thursday, September 19, 2024

General line - 0115112241

හිටපු ඇමති රෝහිතට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් විභාගයට අද (05) දින නියම කෙරුණා. 

ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. 

රුපියල් ලක්ෂ 412කට අධික වටිනාකමකින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් උපයා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. 

එය අද කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුව ලබන ජූලි මස 03 සහ 05 දිනවල දී විභාග කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝග කළේ.