Thursday, September 19, 2024

General line - 0115112241

අවධානම් කලාපවල ජනතාවට ආරක්ෂිත ප්‍රදේශවල ඉඩම්




ඉඩම් හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අවධානම් කලාප බවට තීරණය කල ප‍්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ප‍්‍රදේශවල ඉඩම් ලබා දෙන්නට රජය පියවර ගෙන ඇතැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (05) දින  පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාව අතරතුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ, "ඇතිවුනු හදිසි ආපදා තත්වය අවස්ථාවේදී කඩිණමින් සහන කටයුතු කළ හැම දෙනාටම ස්තූතිවන්ත විය යුතුයි. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ ග්‍රාම නිළධාරීන් දක්වා සියලුම රාජ්‍ය නිළධාරීන්ට පුද්ගලික අංශයේ නිලධාරීන්ටත් මේ හදිසි ආපදා තත්වය සමනය කිරීමට උදව් කළ සියලු දෙනාටම ස්තූතිවන්ත විය යුතුයි. මේ සිදුවීම සිදු වුනු 26 වෙනිදා උදේ 9.00 වෙනකොට මේ සම්බන්ධයෙන් අගමැතිතුමාගේ මූලිකත්වයෙන් අවශ්‍ය අංශ කැඳවලා සාකච්ජා පවත්වලා වගකීම් පවරලා කටයුතු කල නිසා අපිට ජීවිත රැසක් මුදවා ගන්න පුලුවන් වුනා.

ති‍්‍රවිධ හමුදාවේ සහයෝගය ගැන කතා කරන්නම  ඕනි. ගංවතුර එන්නේ නැහැ කියලා හිතපු අය නිවෙස්වල උඩ තට්ටුවලට වෙලා හිටපු අය, නාය ගිහින් හිටපු පැතිවල අය හැමදෙනාවම මුදවා ගත්තේ ඔවුන්.

සමහර අයගේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මේ සමහර අයට කලින් මේ ප‍්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා දැනුවත් කරලා ඉඩම් පවා ලබා දුන්න නමුත් ඉවත් නොවුනු අය. රජය තීරණයක් අරන් තියනවා මේ විදියට අනාරක්ෂිතයි කියලා සඳහන් කළ අයට දැනට නිවාස විනාශයට පත්වූ අයට, ආරක්ෂිත ඉඩම් ලබා දීලා ඒ තොරතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබා ගන්න.

මේ ප‍්‍රදේශවල සියලු දෙනාම මානසිකව වැටිලා ඉන්නේ. දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු 2-3 කට හැර අනෙක් සියලුම කදවුරුවලට ගිය කෙනෙක් විදියට මම දැක්කා මේ අසරණ මිනිස්සු සෑහෙන අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඉතින් පටු දේශපාලන වාසි ගන්න නෙමෙයි මේ ජනතාව නගා සිටුවන්න කටයුතු කරන්න  ඕනි සියලුම දෙනා එක්වෙලා."