Thursday, September 19, 2024

General line - 0115112241

අනුර සේනානායක ලොකු කාලයකට පස්සේ එළියට එයි




රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළැයි සැකපිට වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද (05) ඇප තැම්පත් කර පිටව ගියා.
 
මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි  ඉදිරියේ ඇප තැබීම සිදු කෙරුණා.

ශරීර ඇපකරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූ අතර ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැම්පත් කෙරුණා.