Wednesday, December 25, 2024

General line - 0115112241

ජාත්‍යන්තර සමුළුවක් කැඳවා අරමුදල් රැස් කරන්න තීරණය කරයි




ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැළසිම සඳහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ පිළිබඳ විදෙස් රටවල් රැසක් මේ වනවිට දැනුවත් කර ඇති බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

දැනට විදෙස් රටවලින් ලැබෙන මුදල් ආධාර සියල්ල එක් ගිණුමකට බැර කර නිවාස ඉදිකිරීම වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළා.

මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 

විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැළසීම සඳහා ක‍්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.