පානීය ජලයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග නිකුත් කෙරෙන පානීය ජලය අපිරිසිදු බවට ඉකුත්දා කටකතා පැතිර තිබුණා.
ඒ පිළිබද අදහස් දක්වමින් එහි සභාපති කේ ඒ අන්සාර් නෙත් නිවුස් වෙත මේ බව ප‍්‍රකාශ කළා.
අවශ්‍ය පරීක්ෂණ සියල්ල සිදු කිරීමෙන් අනතුරුව මෙම ජලය පානය කිරීමට සුදුසු මට්ටමින් ජනතාවට නිකුත් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
මේ අතර ගංවතුරට හසුවූ ප‍්‍රදේශවල ළිං පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
අදාළ ළිංවලට අවශ්‍ය ප‍්‍රමාණයට ක්ලෝරීන් යෙදීම සිදුකළ යුතු බවයි එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ.
ආපදාවලට ලක්වූ ප‍්‍රදේශවල ජනතාව තවදුරටත් උණුකර නිවාගත් ජලය පානය කිරීම වැදගත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.