දෛනිකව පොලිතීන් උර ලක්ෂ 15 ක් පමණ ශී‍්‍ර ලාංකිකයන් කසල ලෙස බැහැර කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එය පරිසරයට දැඩි සේ හානිකර බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි පවසන්නේ.
පරිසරය රැක ගැනීම සහ කසල ගැටලුව විසඳාලීම වෙනුවෙන් සෑම පුද්ගලයෙකුටම තනි තනිවම පැවරුණු වගකීමක් තිබෙන බව මෙහිදි සිහිපත් කෙරුණා.
එක් පොලිතීන් උරයක් අපට දෙවරක් හෝ භාවිතා කළ හැකි නම් දිනකට ලක්ෂ 15 ක් පමණ කසල ලෙස බැහැර කරන පොලිතීන් උර ප්‍රමාණය හරි අඩකින් අඩු කර ගැනීමට හැකි බවද සඳහන් කෙරුණා.
එමෙන්ම හැකිතාක් දුරට මේවා භාවිතය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවද සඳහන් කෙරුණා.
මේ අතර පරිසර හිතකාමීව කටයුතු කිරිමට ජනතාව තුළ පෙළඹවීමක් ඇති කිරීම සඳහා වන කි‍්‍රයාකාරකමක් නෙත් එෆ් එම් රේඩියෝව එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන් සංවිධාන කරනවා.
ඒ, මිහින්තලය සහ අනුරාධපුරයේයි.
මෙම කි‍්‍රයාකාරකම සඳහා නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන්ද සහභාගි වනවා. බියගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති යූ වී ගුණරත්න කියාසිටියේ සිය විද්‍යාලයේ දරු දැරියන්ද මීට සහභාගි කරවන්නේ දැඩි ඕනෑකමකින් බවයි.
පොසොන් පොහොය යෙදෙන අනිද්දා දිනයේ සහ ඊට පසු දින එම කි‍්‍රයාකාරකම සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.