ගංවතුරට හසුවු ප‍්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඉකුත් දිනවල එම ප‍්‍රදේශවල සිදු කළ පරීක්‍ෂාවකදී මෙය තහවුරු වූ බවයි එහි ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර පැවසුවේ.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතනවල සහයද අවශ්‍ය බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
එමෙන්ම ජනතාවගේ සහය නොමැතිව මෙය පාලනය කිරීම කිසිසේත් සිදු කළ නොහැකි බවද අවධාරනය කෙරුණා.