Wednesday, December 25, 2024

General line - 0115112241

ලාංකිකයින් ලක්ෂයකට වැඩි පිරිසක් වෙසෙන කටාරය ගැන රජයෙන් පැහැදිළි කිරීමක්




කටාරය සමග රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට රටවල් 6 ක් ගත් තීරණයෙන් එරට වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ට බලපෑමක් නොවන බව රජය පවසනවා.

විදේශ රැකියා අමාත්‍ය තලනා අතුකෝරළ සදහන් කළේ  එම රටවල් ගත් තීරණය මෙරට රාජ්‍ය තාන්ති‍්‍රක සබදතාවලට අදාළ නොවන බවයි.

තමන් ඒ පිළිබදව කටාරයේ තානාපති නිලධාරීන්ගෙන් විමසීමක්ද කළ බවයි ඇය සඳහන් කළේ. මේ වනවිට කටාරයේ ශී‍්‍ර ලාංකිකයින් එක් ලක්‍ෂ විසි පන්දහසක් පමණ විවිධ රැකියාවල නිරත වනවා. 

බහරේනය, ඊජිප්තුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එම්ර් රාජ්‍යය යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා මේ වනවිට නවතා දමා තිබෙනවා. ඒ, කටාර් රාජ්‍ය ත‍්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයකට සහය දැක්වීම හේතුවෙන්. කටාර් රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට සිය රටින් ඉවත් වන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍ය පැය 48ක කාලයක් ලබාදී තිබුණා.