වසර දෙදහස් අටේ සිට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කර තිබෙන්නේ විනිවිද භාවයකින් තොරව බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ නිසා එම බැදුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් දත්ත සෙවීම අසීරු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් 2016 දි හඳුන්වා දුන් නව විද්‍යුත් ක්‍රමවේදය නිසා දැන් බැදුම්කර නිකුත් කිරීම විනිවිදභාවයකින් සිදුවන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා කියාසිටියා.
ඔහු මෙම කරුණු දැක්වූයේ බැදුම්කර කොමිසම ඉදිරියේ ඊයේ (05) සාක්ෂි ලබාදෙමින්.