බන්ධනාගාර බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.
වැල්ලවාය මොණරාගල මාර්ගයේ කොටවෙහෙරගල ප්රදේශයේ දී ඊයේ (05) පස්වරු 5.00 ට පමන මෙම අනතුර සිදුවුණා.
සිද්ධියෙන් බරපතල තුවාල ලද පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සිදු වී ඇත්තේ වැල්ලවාය සිට මොනරාගල බන්ධනාගාරයට රැදවියන් ප්රවාහනය කරමින් තිබූ බන්ධනාගාර බස් රථයක්. මාර්ගය හරහා මාරු වීමට උත්සහ ගත් පුද්ගලයකු මෙලෙස බස්රථයේ ගැටී තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැල්ලවාය ආනපල්ලම තුනේ කනුව ප්රදේශයේ පදිංචි අල්විස් නැමැති හතලිස් හය හැවිරිදි පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය දුටුවන් ප්රකාශ කර ඇත්තේ බන්ධනාගාර බස් රථය අධික වේගයෙන් ගමන් කළ බවයි. ඒ නිසා මෙම අනතුරු සිදු වූ බවයි ඔවුන් පවසා ඇත්තේ.